Airport and taxis

Airport and taxis

මට එයාර්පෝට් එකට යන්න ඕනේ
[ maṭa eyārpōṭ ekaṭa yanna ōnē ]

I need to go to the airport

කටුනායක එයාර්පෝට් එකට යන්න කොච්චර වෙලා යයිද?
[ kaṭunāyaka eyārpōṭ ekaṭa yanna koccara velā yayida? ]

How long to Katunayake airport?

හයිවේ එකෙන්ද සාමාන්‍ය පාරෙන්ද?
[ hayivē ekenda sāmānya pārenda? ]

Highway or normal road?

කරුණාකරලා හයිවේ එකෙන් යන්න
[ karuṇākaralā hayivē eken yanna ]

Please take the highway

මම හයිවේ ටිකට් එකට සල්ලි දෙන්නම්
[ mama hayivē ṭikaṭ ekaṭa salli dennam ]

I will pay the highway toll

මට පික්මී එකක් දාලා දෙන්න පුළුවන්ද?
[ maṭa pikmī ekak dālā denna puḷuvanda? ]

Can you book a PickMe for me?

මම උබර් එකක් දැම්මා
[ mama ubar ekak dæmmā ]

I ordered an Uber

ඩ්‍රයිවර් මට කෝල් කරනවා
[ ḍrayivar maṭa kōl karanavā ]

The driver is calling me

මම හෝටලය එළියේ ඉන්නවා
[ mama hōṭalaya eḷiyē innavā ]

I am waiting outside the hotel

ඔයාගේ වාහනේ අංකය 1234 ද?
[ oyāgē vāhanē an̆kaya 1234 da? ]

Is your car number 1234?

පැමිණීමේ පර්යන්තය කොහේද?
[ pæmiṇīmē paryantaya kohēda? ]

Where is the arrivals terminal?

පිටවීමේ පර්යන්තය කොහේද?
[ piṭavīmē paryantaya kohēda? ]

Where are the departures?

මට බෑග් ගොඩක් තියෙනවා
[ maṭa bǣg goḍak tiyenavā ]

I have a lot of luggage

කරුණාකරලා මේවා ඩිකියට දාන්න
[ karuṇākaralā mēvā ḍikiyaṭa dānna ]

Please put these in the trunk

මට මීගමුවට යන්න ටැක්සියක් ඕනේ
[ maṭa mīgamuvaṭa yanna ṭæksiyak ōnē ]

I need a taxi to Negombo