Sri Lankan dishes

Sri Lankan dishes

අපි ඕඩර් කරන්න ලෑස්තියි
[ api ōḍar karanna lǣstiyi ]

We are ready to order

මට චිකන් රයිස් ඇන්ඩ් කරි එකක් දෙන්න
[ maṭa cikan rays ænḍ kari ekak denna ]

Give me a chicken rice and curry

මට එළවළු රොටි දෙකක් ඕනේ
[ maṭa eḷavaḷu roṭi dekak ōnē ]

I want two vegetable rotis

මට කොත්තු රොටි කන්න ආසයි
[ maṭa kottu roṭi kanna āsayi ]

I would like to eat Kottu Roti

චීස් කොත්තු තියෙනවද?
[ cīs kottu tiyenavada? ]

Do you have cheese kottu?

මට ආප්ප පහක් දෙන්න
[ maṭa āppa pahak denna ]

Can I get five hoppers?

බිත්තර ආප්ප එකයි, සාමාන්‍ය ආප්ප හතරයි
[ bittara āppa ekayi, sāmānya āppa hatarayi ]

One egg hopper and four plain hoppers

ඉඳිආප්ප තියෙනවද?
[ in̆diāppa tiyenavada? ]

Do you have string hoppers?

පරිප්පු කරි ටිකක් දෙන්න
[ parippu kari ṭikak denna ]

Give me some dhal curry

පොල් සම්බෝල ටිකක් ඕනේ
[ pol sambōla ṭikak ōnē ]

A little bit of pol sambol, please

මාළු කරි තියෙනවද?
[ māḷu kari tiyenavada? ]

Is there fish curry?

අපිට පපඩම් ටිකක් ගේන්න
[ apiṭa papaḍam ṭikak gēnna ]

Can we have some papadam?

හරක් මස් කරි එකක් ඕනේ
[ harak mas kari ekak ōnē ]

I want a beef curry

තව හොදි ටිකක් ගේන්න පුළුවන්ද?
[ tava hodi ṭikak gēnna puḷuvanda? ]

Bring some extra gravy, please

පරාටා තියෙනවද?
[ parāṭā tiyenavada? ]

Can I get a paratha?

උදේ කෑමට මොනවාද තියෙන්නේ?
[ udē kǣmaṭa monavāda tiyennē? ]

What do you have for breakfast?

ෆ්‍රයිඩ් රයිස් එකක් දෙන්න
[ frayiḍ rays ekak denna ]

Give me a portion of fried rice

මේ කෑම අලුත්ද?
[ mē kǣma alutda? ]

Is the food fresh?

කෑම රස්නෙන් ගේන්න
[ kǣma rasnen gēnna ]

Please bring it hot

එච්චරයි, ස්තූතියි
[ eccarayi, stūtiyi ]

That is all, thank you