Supermarket

Supermarket

ළඟම තියෙන සුපර්මාකට් එක කොහේද?
[ ḷan̆gama tiyena suparmākaṭ eka kohēda? ]

Where is the nearest supermarket?

වතුර බෝතල් විකුණන්න තියෙනවද?
[ vatura bōtal vikuṇanna tiyenavada? ]

Do you sell bottled water?

මට සබන් කෑල්ලක් ඕනේ
[ maṭa saban kǣllak ōnē ]

I need some soap

කිරි තියෙන්නේ කොහේද?
[ kiri tiyennē kohēda? ]

Where is the milk?

ඒක තියෙන්නේ දෙවෙනි පේළියේ
[ ēka tiyennē deveni pēḷiyē ]

It's in the second aisle

මට බිස්කට් පැකට් එකක් දෙන්න
[ maṭa biskaṭ pækaṭ ekak denna ]

Give me a packet of biscuits

මට මදුරු කොයිල් ඕනේ
[ maṭa maduru koyil ōnē ]

I want mosquito coils

ටොයිලට් පේපර් තියෙනවද?
[ ṭoyilaṭ pēpar tiyenavada? ]

Do you have toilet paper?

පාන් ගෙඩියක් දෙන්න
[ pān geḍiyak denna ]

Give me a loaf of bread

මට ෂොපින් බෑග් එකක් දෙන්න පුළුවන්ද?
[ maṭa ṣopin bǣg ekak denna puḷuvanda? ]

Can I get a plastic bag?

ෆෝන් රීලෝඩ් තියෙනවද?
[ fōn rīlōḍ tiyenavada? ]

Do you have phone reloads?

ඩයලොග් රුපියල් සීයක රීලෝඩ් එකක් දාන්න
[ ḍayalog rupiyal sīyaka rīlōḍ ekak dānna ]

Give me a 100 rupee Dialog reload

කීයටද කඩේ වහන්නේ?
[ kīyaṭada kaḍē vahannē? ]

What time do you close?

මම නිකන් බලනවා විතරයි
[ mama nikan balanavā vitarayi ]

I am just looking around

මුද්දර විකුණන්න තියෙනවද?
[ muddara vikuṇanna tiyenavada? ]

Do you sell stamps here?