Pharmacy

Pharmacy

ළඟම තියෙන ෆාමසිය කොහේද?
[ ḷan̆gama tiyena fāmasiya kohēda? ]

Where is the nearest pharmacy?

මට ඔලුවේ කැක්කුමට බෙහෙත් ඕනේ
[ maṭa oluvē kækkumaṭa behet ōnē ]

I need medicine for a headache

පැරසිටමෝල් තියෙනවද?
[ pærasiṭamōl tiyenavada? ]

Do you have paracetamol?

බඩඑළිය යනවාට බෙහෙත් තියෙනවද?
[ baḍaeḷiya yanavāṭa behet tiyenavada? ]

Do you have medicine for diarrhea?

මෙහේ ආයුර්වේද ෆාමසියක් තියෙනවද?
[ mehē āyurvēda fāmasiyak tiyenavada? ]

Is there an Ayurvedic pharmacy here?

මට සිද්ධාලේප බාම් එකක් දෙන්න
[ maṭa siddhālēpa bām ekak denna ]

Give me a Siddhalepa balm

මට ප්ලාස්ටර් ටිකක් ඕනේ
[ maṭa plāsṭar ṭikak ōnē ]

I need some plasters (Band-aids)

මට තුවාල වලට ගාන ක්‍රීම් එකක් ඕනේ
[ maṭa tuvāla valaṭa gāna krīm ekak ōnē ]

I need antiseptic cream

ඇන්ටි-බයොටික් (ප්‍රතිජීවක) තියෙනවද?
[ ænṭi-bayoṭik (pratijīvaka) tiyenavada? ]

Do you have antibiotics?

මේකට දොස්තරගේ තුන්ඩුවක් ඕනෙද?
[ mēkaṭa dostaragē tunḍuvak ōneda? ]

Do I need a prescription for this?

මම පෙති කීයක් බොන්න ඕනෙද?
[ mama peti kīyak bonna ōneda? ]

How many pills should I take?

මේක දවසට දෙපාරක් බොන්න
[ mēka davasaṭa depārak bonna ]

Take this twice a day

කෑමට පස්සේ ද කෑමට කලින් ද?
[ kǣmaṭa passē da kǣmaṭa kalin da? ]

After meals or before meals?

මට ජීවනී පැකට් එකක් ඕනේ
[ maṭa jīvanī pækaṭ ekak ōnē ]

I need a Jeevani packet (rehydration salts)

හෙම්බිරිස්සාවට සමහන් තියෙනවද?
[ hembirissāvaṭa samahan tiyenavada? ]

Do you have Samahan for colds?