Train tickets

Train tickets

ටිකට් කවුන්ටරය කොහේද?
[ ṭikaṭ kavunṭaraya kohēda? ]

Where is the ticket counter?

මට නුවරට ටිකට් එකක් ඕනේ
[ maṭa nuvaraṭa ṭikaṭ ekak ōnē ]

I want a ticket to Kandy

ඇල්ලට ටිකට් දෙකක් දෙන්න
[ ællaṭa ṭikaṭ dekak denna ]

Two tickets to Ella, please

පළවෙනි පන්තියද දෙවෙනි පන්තියද?
[ paḷaveni pantiyada deveni pantiyada? ]

First class or second class?

මට දෙවෙනි පන්තියේ ටිකට් එකක් ඕනේ
[ maṭa deveni pantiyē ṭikaṭ ekak ōnē ]

I want a second class ticket

තුන්වෙනි පන්තියක් තියෙනවද?
[ tunveni pantiyak tiyenavada? ]

Is there a third class?

පළවෙනි පන්තියේ ටිකට් එකක් කීයද?
[ paḷaveni pantiyē ṭikaṭ ekak kīyada? ]

How much is a first class ticket?

මට සීට් එකක් වෙන් කරන්න පුළුවන්ද?
[ maṭa sīṭ ekak ven karanna puḷuvanda? ]

Can I reserve a seat?

වෙන් කරපු සීට් ඉතුරු වෙලා තියෙනවද?
[ ven karapu sīṭ ituru velā tiyenavada? ]

Are there any reserved seats left?

වෙන් කරපු සීට් ඔක්කොම බුක් වෙලා
[ ven karapu sīṭ okkoma buk velā ]

All reserved seats are booked

මට ඔබ්සවේෂන් සැලූන් ටිකට් එකක් ඕනේ
[ maṭa obsavēṣan sælūn ṭikaṭ ekak ōnē ]

I want an observation saloon ticket

මට හෙටට ටිකට් ගන්න පුළුවන්ද?
[ maṭa heṭaṭa ṭikaṭ ganna puḷuvanda? ]

Can I buy tickets for tomorrow?

ඊළඟ කෝච්චිය කීයටද?
[ īḷan̆ga kōcciya kīyaṭada? ]

What time is the next train?

මේක සීඝ්‍රගාමී කෝච්චියක්ද?
[ mēka sīghragāmī kōcciyakda? ]

Is this an express train?

මම පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද?
[ mama pāspōṭ eka pennanna ōneda? ]

Do I need to show my passport?

මෙන්න සල්ලි
[ menna salli ]

Here is the money

ටිකට් එක පරිස්සම් කරගන්න
[ ṭikaṭ eka parissam karaganna ]

Keep the ticket safe

මට මේ ටිකට් එක කැන්සල් කරන්න පුළුවන්ද?
[ maṭa mē ṭikaṭ eka kænsal karanna puḷuvanda? ]

Can I cancel this ticket?

ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්ද?
[ kreḍiṭ kāḍ eken gevanna puḷuvanda? ]

Can I pay by credit card?

මෙතන සල්ලි විතරයි ගන්නේ
[ metana salli vitarayi gannē ]

Only cash is accepted here