Emergencies

Emergencies

උදව් කරන්න!
[ udav karanna! ]

Help!

ඇම්බියුලන්ස් එකකට කතා කරන්න!
[ æmbiyulans ekakaṭa katā karanna! ]

Call an ambulance!

ඉක්මනට දොස්තර කෙනෙක්ට කතා කරන්න!
[ ikmanaṭa dostara kenekṭa katā karanna! ]

Call a doctor quickly!

මේක හදිසි අවස්ථාවක්!
[ mēka hadisi avasthāvak! ]

It's an emergency!

මෙයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න!
[ meyāva ispiratāleṭa geniyanna! ]

Take him/her to the hospital!

හදිසි අනතුරු අංශය කොහේද?
[ hadisi anaturu anśaya kohēda? ]

Where is the emergency department?

මෙයාට සිහිය නෑ
[ meyāṭa sihiya nǣ ]

He/She is unconscious

මෙයා හුස්ම ගන්නේ නෑ
[ meyā husma gannē nǣ ]

He/She is not breathing

ගොඩක් ලේ යනවා
[ goḍak lē yanavā ]

Bleeding a lot

ඒක කැඩිලා වගේ
[ ēka kæḍilā vagē ]

I think it is broken

හාට් ඇටෑක් එකක්
[ hāṭ æṭǣk ekak ]

A heart attack

කරුණාකරලා ඉක්මන් කරන්න!
[ karuṇākaralā ikman karanna! ]

Please hurry!

උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
[ udav karanna puḷuvan kenek innavada? ]

Is there someone who can help?

මෙයා වැටුණා
[ meyā væṭuṇā ]

He/She fell down

අපි දැන්ම ඉස්පිරිතාලෙට යන්න ඕනේ
[ api dænma ispiratāleṭa yanna ōnē ]

We need to go to the hospital right now

මෙයාගේ ලේ වර්ගය මොකක්ද?
[ meyāgē lē vargaya mokakda? ]

What is his/her blood type?

කරුණාකරලා මෙයාව බේරගන්න
[ karuṇākaralā meyāva bēraganna ]

Please save him/her

මම දොස්තර කෙනෙක්
[ mama dostara kenek ]

I am a doctor

මෙයාව හොලවන්න එපා
[ meyāva holavanna epā ]

Do not move him/her

මගේ තානාපති කාර්යාලයට කතා කරන්න
[ magē tānāpati kāryālayaṭa katā karanna ]

Contact my embassy