SIM and data

SIM and data

මට සිම් එකක් ගන්න පුළුවන් කොහෙන්ද?
[ maṭa sim ekak ganna puḷuvan kohenda? ]

Where can I buy a SIM card?

මට ඩයලොග් සිම් එකක් ඕනේ
[ maṭa ḍayalog sim ekak ōnē ]

I want a Dialog (or Mobitel) SIM card

ටුවරිස්ට් පැකේජ් තියෙනවද?
[ ṭuvarisṭ pækēj tiyenavada? ]

Do you have tourist packages?

සිම් එක කීයද?
[ sim eka kīyada? ]

How much is the SIM card?

මට ඩේටා පැකේජ් එකක් ඕනේ
[ maṭa ḍēṭā pækēj ekak ōnē ]

I need an internet package

මේ පැකේජ් එකේ ජීබී කීයක් තියෙනවද?
[ mē pækēj ekē jībī kīyak tiyenavada? ]

How many GBs are in this package?

කරුණාකරලා මේක මගේ ෆෝන් එකට දාලා දෙන්න
[ karuṇākaralā mēka magē fōn ekaṭa dālā denna ]

Please put this in my phone

මම පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද?
[ mama pāspōṭ eka pennanna ōneda? ]

Do I need to show my passport?

මගේ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නෑ
[ magē inṭarneṭ væḍa karannē nǣ ]

My internet is not working

මගේ බැලන්ස් එක බලන්නේ කොහොමද?
[ magē bælans eka balannē kohomada? ]

How do I check my balance?

මට රුපියල් පන්සීයක රීලෝඩ් එකක් දාන්න
[ maṭa rupiyal pansīyaka rīlōḍ ekak dānna ]

I want to reload 500 rupees

මට පිටරටවලට කෝල් ගන්න පුළුවන්ද?
[ maṭa piṭaraṭavalaṭa kōl ganna puḷuvanda? ]

Can I make international calls?

මගේ බැටරි බැහැලා
[ magē bæṭari bæhælā ]

My battery is dead

මට මගේ ෆෝන් එක මෙතන චාර්ජ් කරගන්න පුළුවන්ද?
[ maṭa magē fōn eka metana cārj karaganna puḷuvanda? ]

Can I charge my phone here?

චාර්ජර් විකුණන්න තියෙනවද?
[ cārjar vikuṇanna tiyenavada? ]

Do you sell chargers?