Platform and seat

Platform and seat

ගාල්ලට යන කෝච්චිය කොයි ප්ලැට්ෆෝම් එකේද?
[ gāllaṭa yana kōcciya koyi plæṭfōm ekēda? ]

Which platform for the train to Galle?

කෝච්චිය තියෙන්නේ දෙවෙනි ප්ලැට්ෆෝම් එකේ
[ kōcciya tiyennē deveni plæṭfōm ekē ]

The train is on platform two

කෝච්චිය පරක්කුද?
[ kōcciya parakkuda? ]

Is the train delayed?

කෝච්චිය දැන් එනවා
[ kōcciya dæn enavā ]

The train is arriving now

තුන්වෙනි පෙට්ටිය කොහේද?
[ tunveni peṭṭiya kohēda? ]

Where is car number three?

මේක මගේ සීට් එක
[ mēka magē sīṭ eka ]

This is my seat

සමාවෙන්න, ඔයා ඉන්නේ මගේ සීට් එකේ වගේ
[ samāvenna, oyā innē magē sīṭ ekē vagē ]

Excuse me, I think you are in my seat

අපිට සීට් මාරු කරන්න පුළුවන්ද?
[ apiṭa sīṭ māru karanna puḷuvanda? ]

Can we swap seats?

මට ජනේලය ළඟින් වාඩි වෙන්න ඕනේ
[ maṭa janēlaya ḷan̆gin vāḍi venna ōnē ]

I want to sit near the window

මෙහේ දර්ශනය ගොඩක් ලස්සනයි
[ mehē darśanaya goḍak lassanayi ]

The view here is very beautiful

කෝච්චියේ කෑම විකුණනවද?
[ kōcciyē kǣma vikuṇanavada? ]

Do they sell food on the train?

වඩේ! රටකජු!
[ vaḍē! raṭakaju! ]

Vadei! Peanuts! (Local snacks)

අපි දැන් ඉන්නේ මොන ස්ටේෂන් එකේද?
[ api dæn innē mona sṭēṣan ekēda? ]

Which station are we at now?

ඇල්ලට තව ස්ටේෂන් කීයක් තියෙනවද?
[ ællaṭa tava sṭēṣan kīyak tiyenavada? ]

How many stations until Ella?

අපි ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න ඕනේ
[ api īḷan̆ga sṭēṣan eken bahinna ōnē ]

We have to get off at the next station