Introducing yourself

Introducing yourself

මගේ නම ඇන්ටොයින්
[ magē nama ænṭoyin ]

My name is Antoine

ඔයාගේ නම මොකක්ද?
[ oyāgē nama mokakda? ]

What is your name?

මම ප්‍රංශයේ ඉඳන් ආවේ
[ mama pranśayē in̆dan āvē ]

I come from France

ඔයා කොහේ ඉඳන්ද ආවේ?
[ oyā kohē in̆danda āvē? ]

Where are you from?

මම ප්‍රංශ ජාතිකයෙක්
[ mama pranśa jātikayek ]

I am French

මට වයස අවුරුදු තිහයි
[ maṭa vayasa avurudu tihayi ]

I am thirty years old

ඔයාගේ වයස කීයද?
[ oyāgē vayasa kīyada? ]

How old are you?

මම ලංකාවට ආපු පළවෙනි පාර
[ mama lan̆kāvaṭa āpu paḷaveni pāra ]

This is my first time in Sri Lanka

මම ජීවත් වෙන්නේ පැරිස් වල
[ mama jīvat vennē pæris vala ]

I live in Paris

මම සංචාරකයෙක්
[ mama san̆cārakayek ]

I am a tourist

ඔයාව හමුවීම සතුටක්
[ oyāva hamuvīma satuṭak ]

Nice to meet you

මට ලූකස් කියලා කතා කරන්න
[ maṭa lūkas kiyalā katā karanna ]

Please call me Lucas

මම ඉන්නේ කොළඹ
[ mama innē koḷam̆ba ]

I am staying in Colombo

ඔයා මේ පැත්තෙද?
[ oyā mē pætteda? ]

Are you a local here?

ලංකාව ලස්සන රටක්
[ lan̆kāva lassana raṭak ]

Sri Lanka is a beautiful country

මම මේ තැනට ගොඩක් කැමතියි
[ mama mē tænaṭa goḍak kæmatiyi ]

I really love this place

ඔයා මෙහේ කොච්චර කල් ඉන්නවද?
[ oyā mehē koccara kal innavada? ]

How long have you been here?

මම මගේ යාළුවොත් එක්ක සංචාරය කරන්නේ
[ mama magē yāḷuvot ekka san̆cāraya karannē ]

I am traveling with my friends

ඔයා තනියමද යන්නේ?
[ oyā taniyamada yannē? ]

Are you traveling alone?

මම මෙහේ සති දෙකක් ඉන්නවා
[ mama mehē sati dekak innavā ]

I will stay here for two weeks