Post and parcels

Post and parcels

තැපැල් කන්තෝරුව කොහේද?
[ tæpæl kantōruva kohēda? ]

Where is the post office?

මට පෝස්ට්කාඩ් එකක් යවන්න ඕනේ
[ maṭa pōsṭkāḍ ekak yavanna ōnē ]

I want to send a postcard

මට මේක ප්‍රංශයට යවන්න ඕනේ
[ maṭa mēka pranśayaṭa yavanna ōnē ]

I want to send this to France

යුරෝපයට යවන මුද්දරයක් කීයද?
[ yurōpayaṭa yavana muddarayak kīyada? ]

How much is a stamp to Europe?

මට මුද්දර පහක් ඕනේ
[ maṭa muddara pahak ōnē ]

I need five stamps

මේක යන්න කොච්චර කල් යයිද?
[ mēka yanna koccara kal yayida? ]

How long will it take to arrive?

මට පාර්සලයක් යවන්න ඕනේ
[ maṭa pārsalayak yavanna ōnē ]

I want to send a parcel

මේකේ බර කොච්චරද?
[ mēkē bara koccarada? ]

How much does this weigh?

මේ පාර්සලේ ඇතුළේ තියෙන්නේ මොනවාද?
[ mē pārsalē ætuḷē tiyennē monavāda? ]

What is inside this parcel?

ඇඳුම් සහ සිහිවටන විතරයි
[ æn̆dum saha sihivaṭana vitarayi ]

Just clothes and souvenirs

මට මේක එයාර්මේල් එකේ යවන්න පුළුවන්ද?
[ maṭa mēka eyārmēl ekē yavanna puḷuvanda? ]

Can I send this by airmail?

ට්‍රැකින් නම්බර් එකක් තියෙනවද?
[ ṭrækin nambar ekak tiyenavada? ]

Is there a tracking number?

මට පෙට්ටියක් ගන්න ඕනේ
[ maṭa peṭṭiyak ganna ōnē ]

I want to buy a box

තැපැල් පෙට්ටිය කොහේද තියෙන්නේ?
[ tæpæl peṭṭiya kohēda tiyennē? ]

Where is the postbox?

මට ලිපිනය ලියන්න ඕනේ
[ maṭa lipinaya liyanna ōnē ]

I need to write the address