Basic questions

Basic questions

ළඟම තියෙන ඒටීඑම් එක කොහේද?
[ ḷan̆gama tiyena ēṭīem eka kohēda? ]

Where is the nearest ATM?

බස් එක කීයටද යන්නේ?
[ bas eka kīyaṭada yannē? ]

When does the bus leave?

මේක කීයද?
[ mēka kīyada? ]

How much does this cost?

ඒ කවුද?
[ ē kavuda? ]

Who is that person?

ඇයි මේ පාර වහලා තියෙන්නේ?
[ æyi mē pāra vahalā tiyennē? ]

Why is this road closed?

මේ කෑම එකේ නම මොකක්ද?
[ mē kǣma ekē nama mokakda? ]

What is the name of this food?

ස්ටේෂන් එකට යන්නේ කොහොමද?
[ sṭēṣan ekaṭa yannē kohomada? ]

How do I get to the station?

කොයි එකද වඩා හොඳ?
[ koyi ekada vaḍā hon̆ḍa? ]

Which one is better?

බොන වතුර තියෙනවද?
[ bona vatura tiyenavada? ]

Do you have drinking water?

මේ තැන හොයාගන්න උදව් කරන්න පුළුවන්ද?
[ mē tæna hoyāganna udav karanna puḷuvanda? ]

Can you help me find this place?

මේ කිට්ටුව හොඳ කෑම කඩයක් තියෙනවද?
[ mē kiṭṭuva hon̆ḍa kǣma kaḍayak tiyenavada? ]

Is there a good restaurant nearby?

අපි ළඟට ඇවිත්ද ඉන්නේ?
[ api ḷan̆gaṭa ævitda innē? ]

Are we almost there?

ඒක කීයටද අරින්නේ?
[ ēka kīyaṭada arinnē? ]

What time does it open?

ඒක කීයටද වහන්නේ?
[ ēka kīyaṭada vahannē? ]

What time does it close?

මට ටිකට් එකක් ගන්න පුළුවන් කොහෙන්ද?
[ maṭa ṭikaṭ ekak ganna puḷuvan kohenda? ]

Where can I buy a ticket?